‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්
  • SocialShare:

‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව අද(12) පෙරවරු 12.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

 වසර 32කට පසු පැවැත්වෙන මෙම ජාතික තරුණ සමුළුව සඳහා  තරුණ තරුණියන් 6000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

 

ජාතික සම්මේලනය සඳහා තේරී පත්ව සිටින තරුණ තරුණියන් 52 දෙනෙකු පුහුණු කිරීමේ කටයුතු  පසුගිය දිනවලදී සිදු කෙරුණු අතර, අද පැවැත්වෙන Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වා දීමට කටයුතු කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.