62,000කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇතැයි, ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අද(12) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජාතික තරුණ සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.
එම පිරිස කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවද ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය සේවයෙන් පමණක් නොව රැකියා උත්පාදනය කරන ආර්ථිකයක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බවත්, 2030 වසරේදී මිලියන 4ක සංචාරක කර්මාන්තයක් එනම් ලක්ෂ 40ක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කීය.


