ධුර කාලය අවසන් කරන කැනඩා මහ කොමසාරිස්වරයා සහ අගමැතිනිය අතර හමුවක්

ධුර කාලය අවසන් කරන කැනඩා මහ කොමසාරිස්වරයා සහ අගමැතිනිය අතර හමුවක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් අතිගරු Eric Walsh මහතා 2025 අගෝස්තු 11 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍යවරිය, තම ධුර කාලය තුළ මහ කොමසාරිස්වරයාගේ දායකත්වය අගය කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ විවෘතභාවය සහ කැපවීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කළාය. කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අගමැතිනිය වෙත කරුණු පැහැදිලි කළ මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජයේ  අඛණ්ඩ සහය ලබාදෙන බවද සඳහන් කළේය.

කැනඩා දූත පිරිසට ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක  Gwen Temmel සහ  මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් Patrick Pickering යන මහත්ම මහත්මීන් ඇතුළත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය මෙම හමුවට සහභාගී වූහ.