අදත් හෙටත් කච්චතිව් දූපත ශ්‍රි ලංකාව සතුයි - විදේශ කටයුතු ඇමති

අදත් හෙටත් කච්චතිව් දූපත ශ්‍රි ලංකාව සතුයි - විදේශ කටයුතු ඇමති
  • SocialShare:

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් , ශ්‍රි ලංකාව සතු දූපතක් බව   විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

ඉන්දියාවට කච්චතිව් දූපත පවරා දීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව හෝ රාජතාන්ත්‍රිකව කිසිදු තීරණක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේය. මේ දිනවල දකුණු ඉන්දියාවේ මැතිවරණය පැවැත් වීමට සූදානම් බවත් මැතිවරණ වේදිකාවලදී ඡන්ද අපේක්ෂකයින් මෙවැනි කතා පවසන බවත් මීට පෙරත් ඡන්ද වේදිකාවල මේ කාරණය සම්බන්ධයෙන් පවසා ඇතැයිද සඳහන් කළේය.