ශක්තිමත් ආර්ථිකයක් තුළ රට ඉදිරියට ගමන් කරනවා - අමාත්‍ය විජිත හේරත්

ශක්තිමත් ආර්ථිකයක් තුළ රට ඉදිරියට ගමන් කරනවා - අමාත්‍ය විජිත හේරත්
  • SocialShare:

ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට යන බවත් මේ වනවිට විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 3.7ක් දක්වා වැඩි වී ඇති බවත් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එසේම සංචාරක පැමිණීම ඉහළ ගොස් ඇති අතර එමගින් ඩොලර් බිලියන 1.7ක ආදායමක් වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද අපනයන ආදායම ඩොලර් බිලයන 10ක් දක්වා වර්ධනය වී ඇති බවත් විදෙස් සංචිත ස්ථාවර බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා උද්ධමනය අවම අගයක් ගන්නා බවත් සඳහන් කළේය.එබැවින් ජීවන වියදම වැඩිවීමක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.භාණ්ඩ මිල අඩු වැඩිවීම ඕනෑම කාලයකදී සිදුවන බව සඳහන් කළ අමාත්‍යවරයා මේවන විට භාණ්ඩවල මිල අවම මට්ටමක පවතින බවද අවධාරණය කළේය.