මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් කාර්යක්ෂමව සහ නිවැරදිව මෙහෙයවීමේ ක්‍රමවේදයක් සකසන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා උපදෙස් ලබා දී තිබේ.
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
එහි දී සේවාලාභීන් මුහුණ දෙන ගැටලු කිහිපයක් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිරීක්ෂණය වී තිබේ.
පිටස්තර පුද්ගලයන් දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුලු වීම මෙන්ම සේවා ලබා ගැනීම අත්‍යවශ්‍ය පුද්ගලයන් පමණක් දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුලු කර ගැනීම තහවුරු කිරීම අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.


