ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සඳහා සාමාජිකයින් පත් කරයි

ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සඳහා සාමාජිකයින් පත් කරයි
  • SocialShare:

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය සහ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල යන ණය සහනදායක මණ්ඩලයන් සඳහා සාමාජිකයින් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙලෙස සිදු විය. මෙම මණ්ඩලය අමාත්‍යවරයා පත් කරනු ලබන අතර ඉන් එක් සාමාජිකයෙකු මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනු ලබයි.
මෙම මණ්ඩලයේ රාජකාරී කටයුතු සාමාන්‍ය අධිකරණයක පවත්නා ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මණ්ඩලය ඉදිරියේදි එළඹෙන ගිවිසුම් පාර්ශවකරුවන් ඔවුනොවුන් කැමැත්තෙන් එළ‍ඹෙන ගිවිසුම්කි. එසේ වුවද අසාධාරණ පොලී ප්‍රමාණයන් අඩු කිරිමටද මණ්ඩලය ඉදිරිපත් කරනු ලබන සාධාරණ යෝජනා ණය හිමියන් පිළිනොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආඥාපනත යටතේ ණය කරුවන්ට සහතිකයක් නිකුත් කිරීමටද මණ්ඩලයට බලතල ඇත.
එසේම ණයහිමි පාර්ශවය අවසාන විභාගය සඳහා නිකුත් කළ නොතීසිය පරිදි විභාගයට නොපැමිණිය හොත් ඒක පාක්ෂික නඩු විභාගයකින් අනතුරුව ණයකරු වෙත සහතිකයක් නිකුත් කිරීම ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සිදු කරයි.