2025 අයවැය මඟින් දිස්ත්‍රික් සංවර්ධනය සඳහා ලබා දී ඇති මුදල් ප්‍රතිපාදන, එක් එක් දිස්ත්‍රික්ක වෙත වෙන් කර දීම පිණිස මුදල් ,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යොමු ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක සංවර්ධනය කිරිිම සඳහා 2025 අයවැයෙන්රුපියල් මිලියන 2000ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
එම වැඩසටහන යටතේ, යටිතල පහසුකම් ඉහළ නැංවීම, දේශීය නිෂ්පාදනය හැකියාවන් ඉහළ නැංවීම, සේවා සැපයුම් යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම, වෙළෙඳ සහ අලෙවිකරණ පහසුකම් වැඩිදියුණු කිරීම, ආයතනික ධාරිතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ.


