වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලයයි

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලයයි
  • SocialShare:

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලය බවත් ඒ නිසා ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය , පරිපාලන නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග අද (05) පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

මෙතෙක් විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණැගල ශාඛාව තුළ මතුව පැවත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමේ ගැටලුව වෙනුවෙන් ඉඩමක් ලබා දීමටත් දේශනශාලා , යටිතලපහසුකම් සහ සනීපරාක්ෂක ගැටලූ ඇතුළු අනෙකුත් ගැටලුවට ද ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,
විවෘත විශ්ව විද්‍යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සමග ඇති ව තිබු ගැටලුව විසඳීමට අවශ්‍ය ඉඩම ලැබී තිබෙනවා නම් ඉදිරි කටයුතු සැලසුම් කරන්න අවශ්‍යයි. ප්‍රතිපාදන ලබා ගැනීම සහ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධතියේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලයයි. ඒ නිසා ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය ,

අධ්‍යාපන ඩිජිටල්කරණය කිරීම අද අපි නිල වශයෙන් ආරම්භ කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර වෙලා නැහැ. 2027 දී 6 වන ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. මේ වසරේ ආරම්භ කළ පළමු වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය දෙවන සහ තෙවන වාර පොත් සියල්ල අපි නිකුත් කර තිබෙනවා. ලබන වසරට අදාල ගුරු පුහුණුවත් අපි ආරම්භ කරනවා. ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් අපි රාජ්‍ය සේවා කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් පසු අපිට ඒ සඳහාත් අනුමැතිය හිමිවුණා. ඒ අනුව මේ වසර තුළ ඒ ගැටලුවටත් විසඳුමක් ලබා දෙන්න සූදානම්. ඒ වගේම විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසදන්න අපිට කැබිනට් අනුමැතිය හිමිවෙලා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විදුහල්පතිවරුන්ට කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නය විසඳිය හැකි වන බවද සඳහන් කළාය.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා, කුරුණගල දිස්ත්‍රීක් මහජන නියෝජිතයින්, විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අනුෂ්ක බණ්ඩාර මහතා ඇතුළු අචාර්යවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ .