ආරක්‍ෂක ලේකම්වරයා සහ චීන තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක අතර හමුවක්

ආරක්‍ෂක ලේකම්වරයා සහ චීන තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක අතර හමුවක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අලුතින් පත්වූ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් පසුගියදා (04) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී ආරක්ෂක ලේකම්වරයා නව චීන ආරක්ෂක උපදේශකවරයාට සිය සුබ පැතුම් එක් කළ අතර දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සහ නාවික ආරක්ෂක උපදේශකවරයා ද එක්ව සිටියහ.