සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කතරගම කිරිවෙහෙර විහාරාධිපති නාහිමියන් බැහැදකී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කතරගම කිරිවෙහෙර විහාරාධිපති නාහිමියන් බැහැදකී
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ‌වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ දී බැහැදැක සුවදුක් විමසීම සහ ආශිර්වාද ලබාගැනීම පසුගිය දා සිදු කෙරිණි.

මෙහි දී මෙරට වත්මන් ආර්ථික සහ සාමාජීය කටයුතු පිළිබඳව මෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද නාහිමිපාණන් වහන්සේ සමඟ අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.

මෙහි දී නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කරමින් අනුශාසනා කරනු ලැබුහ.

දේශයේ සහ ජනතාවගේ සෞභාග්‍යය මෙන්ම පොදු මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා  සඟ සතු සමාජීය වගකීම පෙරදැරිව උන්වහන්සේ දැක්වූ අනුශාසනාවන් රජයේ ඉදිරි ගමනට මහත් ශක්තියක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කෘතඥපූර්වකව සඳහන් කළේය.

මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සහ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. එන්. ඩී. හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.