මෙරට ජනතාවගේ පෝෂණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් , Healthy Food – Happy Life ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
මෙම ජාතික මාධ්‍ය වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් ක්‍රියාත්මක වේ
මෙම වැඩසටහනට කාන්තාවන්, පාසල් දරුවන්, ආහාර සුරක්ශිතතාවයට අදාළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, මහජන සෞඛ්‍ය නිලධාරීන් , ගෝවීන්, සූපවේදීන්, ඇතුළු පිරිස සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ආහාර මූලික වූ රෝග කෙරෙහි හා ඒ ආශ්‍රිත නීතිමය ආරක්ෂණ මාර්ගෝපදේශවල අනුකූලතාවය නොමැති වීම පිළිබද ඍජු මැදිහත් වීමක් සිදු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සැලසුම් කර තිබේ.


