පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරේ

පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරේ
  • SocialShare:

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහැර අද(30) රාත්‍රී වීදී සංචාරය කෙරේ.

කුඹල් පෙරහැර අද(30)  සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවීම ඉකුත් 25දා පෙරවරු 6.05 ට යෙදුණු සුභ මොහොතින් සිදු කෙරිණි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව 29 දා තෙක් පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර  පැවැත් වූ අතර, අවසන් දේවාල පෙරහැර ඊයේ පැවැත් වුණි.