අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා පවතින තත්ත්වයන්ට ගැළපෙන නව ජාතික ක්රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කිරීම සහ ඒ සඳහා අවශ්ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දිස්ත්රික්ක 19ක් පුරා ව්යාප්ත වී ඇති අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වර්තමාන තත්ත්වයට ගැළපෙන නව ජාතික ක්රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කිරීමට පරිසර අමාත්ය දම්මික පටබැඳි මහාත ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ(15) අනුමැතිය හිමි වී තිබේ.
මෙම සැලැස්ම මගින් අලි-මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම, වන අලි සංරක්ෂණය ශක්තිමත් කිරීම සහ ගැටුම් පවතින ප්රදේශවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.මෙම සැලැස්ම මගින් අලි-මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම, වන අලි සංරක්ෂණය ශක්තිමත් කිරීම සහ ගැටුම් පවතින ප්රදේශවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.
2024 වසරේ සිදු කළ වන අලි සංගණනයට අනුව ශ්රී ලංකාවේ වන අලි සංඛ්යාව 7,450ක් පමණ වන බව වාර්තා වී ඇති අතර, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විද්යාත්මක හා තිරසර ප්රවේශයක් ඔස්සේ නව ක්රියාකාරී සැලැස්ම සකස් කිරීමට නියමිතය.


