දිවයින පුරා පිහිටි පාසල් නේවාසිකාගාරවල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට අධ්යාපන උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය වශයෙන් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත
ඒ අනුව, රුපියල් මිලියන 1,008ක පිරිවැයක් යටතේ 2026 සිට 2028 දක්වා කාලසීමාව තුළ පාසල් නේවාසිකාගාර 126ක පහසුකම් නවීකරණය කිරීමට නියමිතය.
මෙම ව්යාපෘතිය මගින් නේවාසික සිසුන් සඳහා වඩාත් සුරක්ෂිත, සෞඛ්යාරක්ෂිත සහ පහසුකම්වලින් සමන්විත පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන අතර, අධ්යාපනික කටයුතු සඳහා අවශ්ය හිතකර පරිසරය තවදුරටත් ශක්තිමත් කිරීමට ද දායක වනු ඇත.


