දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික පූජනීය ස්ථාන අතරින් තවත් ස්ථාන 90ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 129.69ක ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කර ඇත.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වේ.
මේ වන විට අමාත්‍ය මණ්ඩල තීරණ අනුව 2026 අප්‍රේල් 27 දිනැති යෝජනාව යටතේ වෙන් කරන ලද රුපියල් මිලියන 200ක ප්‍රතිපාදනද, බුද්ධශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ අනගාරික ධර්මපාල පදනම මගින් ලබා දුන් රුපියල් මිලියන 800ක අරමුදල්ද භාවිතා කරමින් පූජනීය ස්ථාන 178ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද සඳහන් වේ.
ඒ අනුව ඉතිරිව ඇති ස්ථාන අතරින් තවත් පූජනීය ස්ථාන 90ක්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අංක 01/2026 දරන චක්‍රලේඛ විධිවිධානවලට යටත්ව, රුපියල් මිලියන 129.69ක ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.


