‘පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය’ සඳහා කැබිනට් අනුමැතිය

‘පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය’  සඳහා කැබිනට් අනුමැතිය
  • SocialShare:

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ‘පශ්චාත් දිව්‍යා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය’ සඳහා ලබා දෙන ADB ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 100ක අතිරේක මුදලක් සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 200ක් දක්වා වැඩි කිරීමට එකඟතාව ලැබී ඇත. ඒ් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මහාමාර්ග, දුම්රිය මාර්ග, වාරිමාර්ග පද්ධති, නිවාස සහ ජීවනෝපායන්ට දැඩි හානි සිදුව ඇත. පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුවට අනුව, එම ව්‍යසනයෙන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක හානි සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක ආර්ථික පාඩු සිදුව ඇති අතර, සමස්ත ප්‍රතිසාධන අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව, හදිසි ප්‍රතිසාධන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ‘පශ්චාත් දිව්‍යා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය’ සඳහා මූල්‍ය සහාය ලබා දීමට එකඟතාව පළ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය මගින් සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, වාරිමාර්ග පද්ධති පුනරුත්ථාපනය, ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම සහ නිවාස ආධාර සැපයීම යන ප්‍රධාන අංශ තුන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සඳහා නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වශයෙන් සමස්ත ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් ලබා ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.