ටෙක්සාස් ප්‍රාන්ත රජය වෙසක් දිනය නිල වශයෙන් පිළිගත් බවත් ඒ සඳහන් නිල ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට ඊයේ (29) එක්වෙමිනි.
එසේම 2026 වසරේ පවත්වනු ලබන වෙසක් උත්සවය සඳහා පැමිණෙන ලෙසද එම සාකච්ඡාවට සහභාගී වූ ඇමරිකා එක්සත් ජනපදයෙන් වැඩම කරන ලද ධර්මදූත කණ්ඩායම අමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කළේය.
ටෙක්සාස්හී පැවැත්වෙන වෙසක් උත්සවය වත්මන් රජයෙන් ලබා දිය හැකි උපරිම සහය ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මෙම නිල වෙසක් උත්සවය සඳහා අස්ගිරි පාර්ශවය සහ මල්වතු පාර්ශවය මහා නා හිමියන් ඇතුලු සංඝයා වහන්සේලා පිරිසක් ඇමරිකාව ටෙක්සාස් වෙත වැඩම කිරීමටද නියමිතය.


