කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ පවතින මගී තදබදයට විසඳුමක් ලෙස පළමු පර්යන්තය (Terminal 1) නවීකරණය කිරීම සඳහා රුපියල් බිලියන 15ක ව්යාපෘතියක් ආරම්භ කර තිබේ.
මෙම ව්යාපෘතිය සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මඟින් ක්රියාත්මක වන අතර විදේශීය ණය හෝ ආධාර භාවිත නොකරන බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
නවීකරණ සැලැස්ම යටතේ පිටත්වීමේ ශාලාව පුළුල් කිරීම, චෙක්-ඉන් කවුන්ටර සංඛ්යාව වැඩි කිරීම, පැමිණීමේ අංශය ප්රතිනිර්මාණය කිරීම, ගමන් මලු හැසිරවීමේ පද්ධතිය නවීකරණය කිරීම සහ ඩියුටි ෆ්රී ප්රදේශය පුළුල් කිරීම ඇතුළු ව්යාපෘති කිහිපයක් ක්රියාත්මක වේ.
දෙවැනි පර්යන්තය (Terminal 2) ඉදිකිරීම ප්රමාද වීම හේතුවෙන් දැනට Terminal 1 හි ධාරිතාව ඉක්මවා මගීන් හැසිරවීමට සිදුවන අතර, තාවකාලික මණ්ඩපයක් (Marquee) ස්ථාපිත කර අතිරේක චෙක්-ඉන් කවුන්ටර 14ක් දැනටමත් ක්රියාත්මක කර ඇත. එමඟින් දිනකට අමතර ගුවන් යානා වාර 10 සිට 20 දක්වා හැසිරවිය හැකි බව වාර්තා වේ.
ව්යාපෘතිය අවසන් වීමෙන් පසු Terminal 1 හි වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව මිලියන 6 සිට මිලියන 10 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.


