සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මහනුවර රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැදකී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මහනුවර රදගුරු අතිඋතුම්  වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැදකී
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ‌වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර කතෝලික රදගුරු පදවියේ වත්මන් රදගුරුතුමාවන (Bishop) අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් (Most Rev. Dr.Valence Mendis). මහනුවර රදගුරු නිල නිවසේ දී දී පසුගියදා බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරතවී  ආශිර්වාද ලබා ගත්තේය.

මෙහි දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද  වත්මන් ආර්ථික සහ සාමාජීය කටයුතු පිළිබඳව ද, අනාගත සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ද, රදගුරුතුමා සමඟ අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ජනතාවාදී අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබදවත්, සෞඛ්‍ය සේවාවේ පැවැති ගැටළු මෙන්ම පවතින ගැටළු  අවමකර ගනිමින්, ක්‍රමවත්ව  සැලසුමක් යටතේ මෙරට ජනතාවට විධිමත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට සිදු      කරගෙන යන වැඩපිළිවෙල  පිළිබඳව ද අමාත්‍යවරයා අතිඋතුම්  වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ව මෙහි දී දැනුවත් කරන ලදි.

මහනුවර ජාතික රෝහලේ  සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති පිළිබදවත්, ඉදිකිරීම් ආරම්භකර  අතරමග නවතා දමා ඇති සංවර්ධන  ව්‍යාපෘති රජයේ මුදල් වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙනුත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සදහන්කර සිටියේය.

එමෙන්ම වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබඳව ද,   අමාත්‍යවරයා රදගුරුතුමා දැනුවත් කිරීමටද කටයුතු කළේය.

ජනතාවට අවශ්‍ය සහන සලසමින් ජනතාවාදීව රජය  ගෙනයන  විශේෂ වැඩපිළිවෙල මෙහිදී පැසසුමට ලක්කළ අතිඋතුම් ඩෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්  අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කරමින් සෙත්පතනු  ලැබුහ.

මෙම අවස්ථාවට ‌සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.