ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ සක්‍රීය පුරවැසියන් ලෙස සැලකීම වත්මන් රජයේ අරමුණ බවත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා නව පනතක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය කෙටුම්පත අගෝස්තු මාසයේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන බව ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්‍යාලය හා ජාතික සභාව මගින් ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23)පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා මේ පිළිබඳ සඳහන් කළේය.
දැනටමත් වත්මන් රජය ආබාධිත ප්‍රජාව වෙනුවෙන් එළි දක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පවතින නීතිමය අණපනත් තව දුරටත් පුළුල් කරමින් වර්තමානයට ගැළපෙන අයුරින් ඒවා යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවත් ආබාධිත පුද්ගලයින් සක්‍රීය පුරවැසියන් ලෙස සමාජය තුළ සැලකීමට අවශ්‍ය ආකල්ප සම්බන්ධයෙන් කතිකාවක් නිර්මාණය කරන බවයි.


