පාර්ලිමේන්තුව අද (24) පෙ.ව 9.30ට රැස්වීමට නියමිත අතර, ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව “යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (24) පැවැත් වේ.
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබුණද, තාක්ෂණික කාරණා හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු දිනක දී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පසුගියදා පැවති පර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.


