විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙන් පාසල් සිසුන්ගේ තාරකා විද්‍යා දැනුම ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක්

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙන් පාසල් සිසුන්ගේ තාරකා විද්‍යා දැනුම ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක්
  • SocialShare:

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් 2024 සහ 2025 වර්ෂවල පැවැත්වූ තාරකා විද්‍යා පාඨමාලා සාර්ථකව හැදෑරු සිසුන් ඇගයීමේ සහතිකපත් ප්‍රදානෝත්සවය හා විශේෂ රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර පසුගියදා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් වයි.එල්. මොහමඩි නවවි මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

පාසල් අවධියේ සිටම සිසුන් තුළ අභ්‍යවකාශය සහ තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුව වර්ධනය කිරීම, එම විෂයයන් සම්බන්ධ දැනුම හා අවබෝධය පුළුල් කිරීම මෙම පාඨමාලාවන්හි ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව අනාගත විද්‍යාඥයින් සහ පර්යේෂකයින් බිහිකිරීමට අවශ්‍ය පදනම සැකසීම සඳහා ග්‍රහලෝකාගාරය අඛණ්ඩව කටයුතු කරයි.

මෙම අවස්ථාවට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා, කලානි එම්. ධනසේකර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, සහතිකපත්ලාභී පාසල් සිසුන්, දෙමාපියන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.