දිවයින පුරා පාසල් නේවාසිකාගාර සංවර්ධනයට රුපියල් මිලියන 1,008ක් වෙන් කෙරේ

දිවයින පුරා පාසල් නේවාසිකාගාර සංවර්ධනයට රුපියල් මිලියන 1,008ක් වෙන් කෙරේ
  • SocialShare:

දිවයිනේ පාසල් පද්ධතිය තුළ පවතින නේවාසිකාගාර 126ක ගොඩනැගිලි අබලන්ව පැවතීම සහ ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ ජීවන තත්ත්වය කෙරෙහි ඍණාත්මක බලපෑම් එල්ල වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම තත්ත්වය මගහරවා ගනිමින්, සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපන හා සෞඛ්‍ය පරිසරයක් උදා කර දීමේ අරමුණින් එම නේවාසිකාගාරවල අත්‍යවශ්‍ය පහසුකම් නවීකරණය කිරීමට රජය පියවර ගෙන ඇති අතර  ඒ අනුව, රුපියල් මිලියන 1,008ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026-2028 කාලසීමාව තුළ මෙම පාසල් නේවාසිකාගාර නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.