යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තීය අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාවයලබා දී ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අද (23) ඉසුරුපාය අධ්‍යාපන ,උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම අදහස් පළකළේය. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, විෂය මාලා රාමුව දිගු සහ සංකීර්ණ ක්‍රියාවලියක් තුළ සකස්කරමින් මෙම ගමන් මග පැමිණ ඇතිබවත් හෙතෙම පෙන්වා දුන්නේය. මෙම ප්‍රතිසංස්කරණ තුළ අධ්‍යාපන පද්ධතියම වෙනස්කමට ලක්වන බවත් මෙම ප්‍රතිසංවිධානය කුලුනු පහක් ඔස්සේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය. එහිදී විෂයමාලා ප්‍රතිසංස්කරණ ,ගුරුවරු පුහුණු කිරීම , අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සූදානම් කිරීම,ඇගයීම නිසි පරිදි සිදුකිරීම සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලු පාර්ශව දැනුවත් කිරීම මේඅතර වන බවත් ඔහුකීය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් අධ්‍යාපනය සඳහා සෘජුව යොමු නොවන දරුවන්, නියමිත දිශානතියකට යොමුකිරීමට බලාපොරොත්තු වන බවත් මෙම ක්‍රමවේදයෙන් කිසිදු දරුවකු අධ්‍යාපනයෙන් ගිලිහෙන්නේ නැතැයිද ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 21වන සියවසට ගැලපෙන, පෞරුෂයෙන් හෙබි ගෝලීය පුරවැසියෙකු නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද කීය.
එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ සමග මුල් ළමාවිය සංවර්ධනය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට ඇතුළත්කරගන්නා බවත් එය සමස්ථ අධාපනයේ කොටසක් ලෙස සලකන බවත් හෙතෙම තවදුරත් කීය


