අලි ඇතුන්ට සිදුකරන වෙඩි තැබීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන්නැයි පොලිස්පතිට ලිපියක්

අලි ඇතුන්ට සිදුකරන වෙඩි තැබීම් සම්බන්ධයෙන්  විශේෂ විමර්ශනයක් සිදුකරන්නැයි  පොලිස්පතිට ලිපියක්
  • SocialShare:

අලි ඇතුන්ට සිදුකරන වෙඩි තැබීම් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා විශේෂ විමර්ශනයක් සිදුකරන්නැයි  වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි  පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි

 

සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ සහ ගල්ගමුව ප්‍රදේශවල මියගොස් ඇති වන අලි සිව්දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපි යොමු කර ඇත.

මෙම තත්ත්වය දිඟින් දිගටම සිදුවන බව වාර්තා වන බැවින් විශේෂ විම්ර්ශනයක් සිදුකර මෙලෙස අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුකිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පරිසර 18

පරිසර 19