ළමුන්ව සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් නීති අද සිට දැඩි කෙරේ

ළමුන්ව සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් නීති අද සිට දැඩි කෙරේ
  • SocialShare:

වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු   16 - 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවීම අද එනම් 2025‑07‑01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.

ඇතැම් ළමුන් විවිධ හේතූන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති අතර,  තමාගේ මව හෝ පියා සමඟ, එසේ නොමැති නම් මිනිස් වෙළෙඳාමේ ගොදුරක් ලෙස "වීදි දරුවෙකු" බවට පත් වී දෙමාපියන් නොවන අයෙකු සමඟ පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අළෙවි කරන බව හඳුනාගෙන ඇත.

ඉහත සදහන් කළ ආකාරයේ අනතුරුදායක රැකියාව වල ළමුන් යෙදවීමට එරෙහිව අදාළ බලධාරින් මඟින් නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් මඟින් මහජනතාව දැනුම්වත් කිරීමටත් මේ අනූව හැකි වනු ඇත.