අදට යෙදෙන රාජ්‍ය භාෂා දිනය නිමිත්තෙන් අද(01) සිට ජූලි 07 වෙනිදා දක්වා රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
බස වඩමු - හද දිනමු” යන්න මෙවර භාෂා දිනයේ තේමාව වේ
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දායකත්වය යටතේ අද දිනයේ ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර තිබේ.
රාජ්‍ය භාෂා සතියට සමගාමීව දෙවන දිනය වන හෙට දිනයේ තේමාව වන්නේ “බස ආලෝකයි” යන්නයි.
රාජ්‍ය භාෂා සතියේ තෙවන දිනය ජූලි 3 දිනට යෙදී ඇති අතර එදින “නගමු දෙබස - සුරකිමු රට” තේමාව යටතේ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් රාශියක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛත්වයෙන් වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දායකත්වයද ඇතුලුව වව්නියාවේදී සිදු කිරීමට නියමිතව ඇත.
රාජ්‍ය භාෂා යොවුන් දිනය ලෙස නම් කර ඇති ජූලි 4 වන දින “බසක අරුනලු” යන තේමාව යටතේ ක්‍රියාකාරකම් රැසක් ජාතික භාෂා හා පුහුණූ ආයතනය විසින් නැගෙනහිර විශ්ව විද්‍යාලයීය ත්‍රීකුණාමලය මණ්ඩපය මූලිකව පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය භාෂා සතියේ සමාප්ති දිනය ලෙස ජූලි 7 වන දිනය නම් කර ඇති අතර එම සමාප්ති වැඩසටහන ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.


