Clean Sri Lanka වැඩසටහන පිළිබඳව ජනවාරි 21 සහ 22 යන දෙදින පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Clean Sri Lanka වැඩසටහන මුල්කරගනිමින් ඇතැම් ආයතන සිදුකරන වැඩසටහන් , එහි මුඛ්‍ය අරමුණ තේරුම් නොගෙන සිදු කරන බවත්, ඒ සම්බන්ධයෙන් , පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.
මෙම සංකල්පය ක්‍රියාත්මක කරගෙන යාමේදී යම් යම් අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. මෙය බලෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩසටහනක් නෙවෙයි. මෙය අලුත් වැඩක්. නීතියක් ගෙනත් මෙහෙම කරන්න කියන වැඩසටහනක් නෙවෙයි. අපිටත් මෙය අලුත් වැඩක්. අපිත් මෙය නිවැරදි කරමින් යනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින මේ සම්බන්ධයෙන් දින දෙකක් ලබා දෙනවා. රාජ්‍ය නිලධාරීන් දේශපාලන අංශ මේ සම්බන්ධයෙන් තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.