අපරාධ වැඩිවශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස 52ක් හඳුනාගෙන ඇති බවත්, එම පොලිස් කොට්ඨාස ආවරණය කරමින් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් 15ක් නිරන්තරයෙන් මෙහෙයුම් සඳහා යොදවා ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
රටේ ක්‍රියාත්මක වන අපරාධ වළක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව ගෙනඇති පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමසදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ අද(20) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාතාල කල්ලි අතර සිදුවන ගැටුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.පාතාල මර්ධනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව අමාත්‍යවරයා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් ද සිදුකළේය.
පාතාල ක්‍රියාකාකම් සඳහා යොදා ගන්නා හමුදාවෙන් පලා ආ පිරිස් අත් අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් මේ වනවිට තුන් දහසකට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බවත් පැවසූ ඇමතිවරයා පාතාලයේ ගිනි අවි 1278ක් පොලිසිය භාරයට ගැනීමට හැකි වූ බවද සඳහන් කළේය. ඇතැම් හමුදා කඳවුරුවලින් පවා ගිනි අවි පාතාල කණ්ඩායම් වෙත ලැබී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි පිලිබඳව විධිමත් පරික්ෂණ ආරම්භ කර සැකකරුවන් 216ක් අත් අඩංගුවට ගෙන ඇතැයිද පැවසීය. දි
වයින පුරා මත්ද්‍රව්‍ය විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම, පොලිස් මෙහෙයුම් වැඩි කිරීම, අපරාධකරුවන් සම්බන්ධ දත්ත යාවත්කාලීන කිරීම, ඒ සඳහා තාක්ෂණය යොදා ගැනීම, විදේශගතව සිටින අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම, නාවික හමුදාව හා එක්ව රට වටා සමුද්‍ර ආරක්ෂාව තරකරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම වැනි විශේෂ මෙහෙයුමක රජය සිටින බව ද ඇමතිවරයා පාර්පිමේන්තුවේදී වැඩිදුරටත් පැවසීය.