නීතිඥවරුන්ට කාර්යාල සාදා දීම අධිකරණ අමාත්‍යාංශයේ විෂයට අදාළ නොවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ නීති කෘත්‍යයේ යෙදී සිටින නවක නීතිඥවරුන් සඳහා කාර්යාල නොමැතිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.
අධිකරණ විෂය අනුව නීතිඥ කාර්යාල ඉදි කිරීමට ඉඩම් අත්පත් කර ගැනීමට අධිකරණ අමාත්‍යාංශයට නීතියෙන් අවසර නොමැති බවත් නීතිඥ සේවය අවශ්‍ය වන අතර ඉඩම් අත්පත් කර ගනිමින් නීතිඥවරුන්ට කාර්යාල ඉදි කරදීම අධිකරණ අමාත්‍යාංශයේ විෂයක් වුවහොත් එය ප්‍රායෝගික නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අධිකරණ අමාත්‍යාංශයේ විෂය පද්ධතියට ලාභ ලබන ව්‍යාපාර ඇතුළත් විය නොහැකි බවත් ඒ අනුව නීතිඥවරුන්ට කාර්යාල ඉදි කර දීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රයේ නොමැති බවත් ඇමැතිවරයා කීය.
මහනුවර ගැටඹේ පිහිටුවා ඇති නීතිඥ කාර්යාල සංකීර්ණයට යාබද ඉඩමේ නව නීතිඥ කාර්යාලයක් ඉදි කිරීම සම්බන්ධයෙන් වන ගැටලුව සොයා බැලීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසුවයෙ.