විශ්‍රාමිකයන්ට උපරිම සහන සැලසීමට කටයුතු කරනවා

විශ්‍රාමිකයන්ට උපරිම සහන සැලසීමට කටයුතු කරනවා
  • SocialShare:

රජයක් වශයෙන්ව  විශ්‍රාමිකයන්ට උපරිම සහන සැලසීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2015.12.31 දිනට පෙර විශ්‍රාම ලැබූ රජයේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විශමතාව සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

නව රජයේ අය-වැය යෝජනා මඟින් 2020ට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්වල පැවැති විෂමතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ. විශ්‍රමිකයන්ගේ බෙහෙත් මිල අඩු කර තිබෙන බවත් ඉදිරි අයවැය වලදී විශ්‍රාමිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමුකරන බවද කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

2016 සිට 2020 දක්වා විශ්‍රාමගිය විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාව ගෙවන්නේ නැතිව අත්හිටුවාගෙන තිබුණා. එය ක්‍රමිකව ගෙවීමට කටයුතු කරනවා. කිසිම විශ්‍රාමිකයකුට අගතියක් වීමට ඉඩ තබන්නේ නැහැ. විශ්‍රාම වැටුප් සංශෝධනයක් ජූලි 01දා සිට සිදුකරන බවද කීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.