රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමග විවිධ දේශපාලන කණ්ඩායම් සබඳතා පවත්වන බවට බුද්ධි අංශ තොරතුරු වලින් හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
රටේ ක්‍රියාත්මක වන අපරාධ වළක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව ගෙනඇති පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමසදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ අද(20) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාතාල කල්ලිවල අපරාධ වර්ධනය වීමට මෙම දේශපාලන සම්බන්ධතා දැඩිව බලපා ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමෙන් පසු එම දේශපාලක්ඥයින් කවුදැයි ඉදිරියේදී පාර්ලිමේන්තුවට හෙළිදරවු කරන බව ද ඇමතිවරයා කීවේය.