කොළඹ මහ නගර සභාවේ බලය එක් පංතියකට සීමා වූ යුගය අවසන් බව කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය අද(18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත යටතේ නියමයන් – අනුමත කිරීමට අදාළ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ඉදිරි වසර 4 ක ඉදිරි කාලය කොළඹ නගරයේ තැලෙන පෑගෙන ජනතාවගේ ඉරණම ලියවෙන වසර 4 ක් වෙන බවත්, නාගරික වතු ජනාවාසවල ජීවත්වන ජනතාවට දුන් සහන, පොරොන්දු කොළඹ නගර සභාව හරහා ජනතාව වෙත ලබාදෙන බවද අමාත්‍යවරිය සඳහන් කළාය. කාන්තා දේශපාලනය අලුත්ම තලයකට ගෙනවිත් තිබෙන බවත් මෙම ජයග්‍රහණය සමඟ මේ රටේ සෑම තැනකම ජීවත්වන කාන්තාවන් සවිබල ගන්වන්න මේ සියලු යාන්ත්‍රණයන් පාවිච්චි කරන බවද අමාත්‍යවරිය පැවසුවාය.
වැඩිදුරටත් අදහස් පළකරමින් අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.
"කොළඹ මහනගර සබාවේ ජයග්‍රහණය විශිෂ්ඨ එකක් වෙනවා. මේ නගරාධිපතිධූරයට පත්වූ බල්තසාර් මහත්මිය සම්බන්ධයෙන් යමක් කිවයුතු වෙනවා. මීට පෙර එක්තරා පංතියකට සීමා වූ යුගය අවසන් කොට තිබෙනවා. කොළඹ නගරයේ ඉහළ මධ්‍යම පංතිය වගේම පහළ මධ්‍යම පංතිය ඇතුළු සියලු ජනතාව එකා වන්ව හදවත් දිනාගෙන තිබෙනවා. ඒ මහජන වරම මේ අවස්ථාවේ ගත්විට බහුවාර්ගික, බහු ආගමික ආදියට ඉඩ ලබාදෙන නගරයක්. මේ ජයග්‍රහණය තුළ සියලු දෙනාගේම අවධානය දිනාගෙන තිබෙන්නේ ජාතික ජනබලවේගයට බව මේ ජයග්‍රහණය සමඟ තහවුරු වෙනවා. මේ ජාතික සමගියේ ආරම්භක අවස්ථාවක්. සිංහල, දෙමල, මුස්ලිම සියලු ජනකොටස් එකා වන්ව තීන්දු තීරණ ගන්නා අවස්ථාවක්. ඒ වගේම මූල්‍ය හසුරුවන, ආර්ථිකය හසුරුවන තැන්වල කාන්තාවන් හෑල්ලුවට ලක්කරන්න බැහැ.


