පාර්ලිමේන්තුව අද(19) රැස්වෙයි

පාර්ලිමේන්තුව අද(19)  රැස්වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද(19) පෙ.ව 9.30ට රැස්වෙයි.

අද පෙ.ව 11.30 සිට ප.ව. 5.30 දක්වා කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි II පියවර යට‍තේ කිරි ගවයින් 15000 ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳ 2025.05.21 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද විශේෂ විගණන වාර්තාව සහ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා 2025.06.04 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව පිළිබඳ ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳව විවාදය පැවැත්වීමටත් නියමිතය.


 හෙට(20) පෙ.ව 11.30 සිට ප.ව. 5.00 දක්වා අංක 2429/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය, අංක 2434/12 සහ අංක 2435/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.