වරින්වර මතුවන ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන මෙතෙක් සේවය ස්ථිර කර නොමැති ඩෙංගු මර්දන සහයකයින් ස්ථීර කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර 08කට පසුව ඩෙංගු මර්දන සහයකයින් 800ක් ස්ථිර කිරීමට රජය කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා කීය. මෙලෙස බඳවා ගත් පිරිස් ලොකු සේවයක් සිදුකරන බවත් ඒ අනුව එම පිරිස කොටසින් කොටස ස්ථිර කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


