දරුවන් සම්බන්ධ සිදුවීම් කිසි විටෙකත් දේශපාලනික අවස්ථාවන් නොකරගත යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

 දරුවන්  සම්බන්ධ සිදුවීම් කිසි විටෙකත් දේශපාලනික  අවස්ථාවන් නොකරගත යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

දරුවන් සමබන්ධව සිදුවන අපරාධ සහ සිදුවීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ දී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එවන් සිදුවීම් කිසිවිටෙකත් දේශපාලන අවස්ථාවන් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මැයි 09වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

කොටහේන ප්‍රදේශයේ පාසල් දැරියක් සියදිවි නසා ගැනීමේ සිදුවීම හා සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය විසින් මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.

දරුවකු සිය දිවි නසා ගැනීමට අදහස් කිරීම සමාජයක් ලෙස අප සියල්ලන් ම අසමත් වූ අවස්ථාවක් බවත් මෙවැනි සිදුවීම් කිසිසේත්ම නැවත් සිදු නොවිය යුතු බවත් මේ මොහොතේ කොටහේන දැරිය සමබන්ධ සිදුවීමට අදාළ සියලු පාර්ශවයන් මූලික කරගනිමින් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම දරුවන් සමබන්ධව වන සිදුවීම් හා අපරාධ පිළිබඳව කඩිනම් පියවර ගැනීමේ යාන්ත්‍රණයක් කන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව ඉතා ඉක්මනින් නිර්මාණය කිරීම පිළිබඳව තමන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්‍ රාජ් මහත්මිය සමඟ සාකච්ඡා කළ බව ද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මේ පිළිබඳව දරුවාගේ දෙමව්පියන් වෙත සියලු දෙනා කණගාටුව ප්‍රකාශ කරන බවත් රජයක් ලෙස මෙවැනි සිද්ධීන් වළක්වන්න පුළුල් මැදිහත්වීමක් ලබා දෙන බවත් එවැනි දරුවන්ට පූර්ණ ආරක්ෂාව ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.