මන්ත්‍රීවරු බාර් පර්මිට් ගත්ත දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා - අමාත්‍ය ආනන්ද විජේපාල

මන්ත්‍රීවරු බාර් පර්මිට් ගත්ත දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා  - අමාත්‍ය ආනන්ද විජේපාල
  • SocialShare:

මන්ත්‍රීවරු බාර් පර්මිට් ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කළ බව  මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනනද් විජේපාල මහතා පැවසීය.

අද(09) පාර්ලිමේන්තුවේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් මේ වනවිට සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේ තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍ය බව අපි හැම  මැතිවරණයකදීම කිව්වා. ජනතාව එය පිළිගත්තා.  එම දේශපාලන සංස්කෘතිය වෙනස්  කරන්න අවශ්‍ය සියලු පියවර අපි ගත්තා. දේශපාලඥයා අධි වරප්‍රසාදිත පුද්යෙක් හැටියට තමයි හිටියේ. අනීතික බොහෝ දේ දේශපාලඥයින් ලවා කර ගත්තා. පෙට්ට්‍රල් ෂෙඩ් ගද්දි ඒ සඳහා කප්පම් දෙන්න සිද්ද වුණා.

අධි වරප්‍රාසාදිත පුද්ගලයෙක් හැටියට මතුමහලේ වැජබුණු දේශපාලඥයා  සැබෑ මහජන නියෝජිතයෙක් කරලා මහජනයා ළඟට ගේන්න අපි පියවර ගත්තා.මන්ත්‍රීවරු බාර් පර්මිට් ගත්තා. කප්පම් දේශපාලන සංසකෘතියක් තිබුණේ.  එම දේශපාලන සංස්කෘතිය අපි  වෙනස් කළා. ජනතාගේ හැම රුපියලකම වටිනාකම අපි  අවබෝධකරගෙන තිබෙනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.