පෞද්ගලික පරිහරණය සඳහා ලබාගෙන ඇති රජයේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නැවත පවරාගන්නවා

පෞද්ගලික පරිහරණය සඳහා ලබාගෙන ඇති රජයේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නැවත පවරාගන්නවා
  • SocialShare:

පෞද්ගලික පරිහරණය සඳහා ලබාගෙන ඇති රජයේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නැවත පවරාගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  නියෝජ් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට (එල්.ආර්.සී.) අයත් ඉඩම් ලබාදීම මේ වනවිට නතර කර ඇති බවත්, එසේ අයථා අන්දමින් ලබාගත් ඉඩම් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවද කීය. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයක් ඇති  ප්‍රදේශවල ඉඩම් සහ ආර්ථික කටයුතුවලට දායකවන ඉඩම් බොහොමයක් හිටපු දේශපාලඥයින් බෙදාගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයට අයත් දේපළ විශාල ප්‍රමාණයක් අඩුමුදලට බදු දී ඇති බවත්, එම බදුදී ඇති දේපළ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් නැවත තක්සේරු කර නිසි ක්‍රමවේදයකට අනුව බදුදීමට කටයුතු කරන බවද පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.