කිරුළපන බේස්ලයින් පාර දුටුගැමුණු හන්දිය දක්වා පුළුල් කිරීමට සැලසුම්

කිරුළපන  බේස්ලයින් පාර දුටුගැමුණු හන්දිය දක්වා පුළුල් කිරීමට සැලසුම්
  • SocialShare:

කිරුළපන  බේස්ලයින් පාර දුටුගැමුණු හන්දිය දක්වා පුළුල් කිරීමට සැලසුම් කරඇතැයි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා  පැවසීය.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී , කිරුළපන මංසන්ධිය හරහා ඉදිකිරීමට යෝජිත ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන්  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරය මේ බව පැවසීය.

 

කිරුළපන මංසන්ධිය හරහා ඉදිකිරීමට යෝජිත ගුවන් පාලමේ  ඉදිකිරීම් දැනට ක්‍රියාත්මක නොවන අතර , එහි ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

නමුත් බේස්ලයින් පාර දුටුගැමුණු හන්දිය දක්වා පුළුල් කිරීමේ කටයුතු සිදු කරන බවත්, එම නිසා වන්දි  වශයෙන් ලබා දුන් මුදල් හානියට ලක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.