රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරු නම් කෙරේ

  • SocialShare:

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබේ. 

 ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ 2024 දෙසැම්බර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කරන ලද බව  කථානායකවරයා විසින් අද(07)පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.