නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
  • SocialShare:

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

 

2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.