මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටී 30කට අධික පිරිසක් මරුට

    ජූනි 30, 2015

    ඉන්දුනීසියාවේ මේඩන් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට හමුදා ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 30දෙනෙක් මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.

     

    ප්‍රාදේශීය රූපවාහිනී නාලිකා ප්‍රකාශ කර ඇත්තේ නිවාස දෙකක් හා මෝටර් රථයක් මතට කඩා වැටුණු ගුවන් යානය පුපුරා ගිනි ගෙන ඇති බවයි.

     

    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක Fuad Basya මහතා බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ යානය ගුවන්ගත වී සුළු මොහොතකින් එය පහළට කඩා වැටී ඇති අතර අවම වශයෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 12දෙනෙකු සිටි බවයි.

     

    මළ සිරුරු ගුවන් යානයේ සුන්බුන් අතර තිබී සොයා ගෙන ඇති බව නිලධාරීහු පවසති.

     

    ගිනි ජාලාවක් සහ ඝන කළු දුමාරයකින් ආවරණය වී ඇති අනතුර වූ ස්ථානයේ තවමත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද වාර්තා වේ.

     

    මෙම කඩා වැටීමෙන් ප්‍රදේශයේ ගොඩනැගිලිවලට අලාභ හානි රැසක් සිදුව ඇත.

     

    2005 වසරේ සැප්තැම්බර් මාසයේ දී මේඩන් නගරයේ පොලොනියා ගුවන් පර්යන්තයෙන් ඉහළට එසවුණු බෝයින් 737 ගුවන් යානය සුළු මොහොතකින් කඩා වැටී මිනිසුන් 143ක් මිය ගියේය.

     

    2009 දී ඉන්දුනීසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් ජාවා නගරයට කඩා වැටීමෙන් පුද්ගලයන් 98 දෙනෙකු මිය ගොස් ඇති අතර 2012 වසරේ දී නැගෙනහිර ජාකාර්තා නගරයේ නිවාස සංකීර්ණයක් මතට කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් හමුදා යානයෙන් පුද්ගලයන් 09දෙනෙකු මිය ගොස් ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya