ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් දින සැමරුම් වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් - වෙසක් කලාපයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000 ක්

    මැයි 20, 2024

    කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000 අධික සංඛ්‍යාවක් යොදවා ඇතිබව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂා පිළිබඳ ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

     පසුගියදා(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්  ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා  මේ බව පැවසීය

    රථවාහන හා මාර්ග ආරක්ෂා රාජකාරි සදහා , නිලධාරින් 3000කට අධික ප්‍රමාණයක්  යොදා ගැනීමටත්,මාර්ග බාධක රාජකාරි 12ක් යොදවා ඇති  බවත් කීය. කොළඹ ආශ්‍රිත තොරණ් 07ක් ඇති බවත්, ශ්‍රිං ලංකා පොලිසිය, ගුවන් හමුදාව ,නාවික හමුදාව, ශ්‍රි ලංකා යුද හමුදාව,ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය,ශ්‍රැන්ඩ්‍රිලා හරිත භූමී, හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන ඉදිරිපිටත් 23, 24, 25 දින ශ්‍රි ලංකා පොලිසිය බොදු බැති ගී තරඟ ඉදිරිපත් කිරිමටත්, මෙවනර සිදු වන බව කීය.

    මෙම කලාපයට වාහන වලින් පැමිණෙන ජනතාව සදහා  ධර්මපාල මාවතේ රථ ගාලක් ද,විහාරමහාදේවි උද්‍යානයේ රථගාලක් හා එෆ්.ආර් සේනානායක මාවතේ රථගාල, ග්‍රින්පාක් ප්‍රදේශයේ රථගාල සකස කර ඇති බව සදහනි කල අතර මෙම වෙසක් කාලය තුළ ධර්මපාල මාවත පිත්තල හංන්දියට ඇතුල්වීම,කොම්පඥ්ඥ වීදියේ හන්දියෙන් ඇතුල්වීම,පාක් වීදිය රාමනායක හන්දියෙන් ඇතුල්විම,යුනියන් පෙදෙස ඩෝසන් විදියෙන් හන්දියෙන් ඇතුල්විම, යුනියන් පෙදෙස ප්ටෙපල් විදියෙන් ඇතුල්වීම,අල්විස් පෙදෙස පෙරහැර මාවතෙන් ඇතුල්විම,උත්තරානන්ද මාවත වඅනි විකල්ප මාර්ග භාවිත කිරිමට හැකි බව සදහන් කළේය.

    එසේම ගැටකපන්නන් , සොරුන්, මංකොල්ලකරුවන්ගෙන් පැමිණෙන ජනතාව බේරා ගැනිම සදහා සිවිල් ඇඳුමෙන් නිලධාරීන් 1000ක් පමණ යොදවා ඇති බවයි.බුද්ධි අංශ නිලධාරින් හා විශේෂ රාජකාරි නිලධාරින් යොදවා ඇති බවත් සදහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya