ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට සියලු කටයුතු සූදානම්- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා

    මැයි 20, 2024

    මෙවර වෙසක් උත්සවය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේගේ උපදේශකත්වයෙන් අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් සක්‍රීය වෙසක් උත්සවයක් ලෙස දිවයින පුරා සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කරයි.

    රාජ්‍ය පරිපාන අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව පැවසුවේ අද (20) කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ දී පැවති මෙවර වෙසක් උත්සවය අර්ථාන්විතව සැමරීම හා වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ සූදානම පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය, පාස්කු ප්‍රහාරය සහ ආර්ථික අර්බුදය හමුවේ අපට වසර ගණනාවක් වෙසක් උත්සවය සක්‍රීය ලෙස සැමරීමට අවකාශයක් නොතිබුණු බව සිහිපත් කළ ප්‍රදීප් යසරත්න මහතා වෙසක් උත්සවය සදහා බුද්ධශාසන අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් මේ වන විටත් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට , පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, සියලුම දිසාපතිවරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට වෙසක් රාජ්‍ය උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු චක්‍රලේඛයක් නිකුත්කර ඇතැයි පැවසුවේය.

    එම චක්‍රෙල්ඛයෙන් මෙවර වෙසක් උත්සවයේ වෙසක් සතියක් මැයි 21 සිට 27 දක්වා ප්‍රකාශයට පත්කර ඇතැයිද, වෙසක් උත්සවයට අදාල ප්‍රධාන රාජ්‍ය උත්සවය මාතලේ පැවැත්වෙන බවද ඊට සමගාමීව මුළු දිවයින පුරාම වෙසක් උත්සවය සැමරීමට කටයුතු සංවිධානය කර ඇතැයිද සදහන් කළේය.

    මෙවර වෙසක් සතියේදී 21 වන දින වෙසක් වලට අදාල සංස්කෘතික වැඩසටහන් සදහා වෙන්කර ඇතැයිද, 22 වනදා පරිසරයට අනුකූලව ජීවත් වීම සහ පරිසරයට ආදරය කරන්නේ කෙසේද යන තේමාව පසක් කරමින් පරිසර සංරක්ෂණ වැඩසටහන් සදහාද වෙන්කර ඇතැයි පැවසුවේය.

    23 වනදා සීල භාවනා පිංකම් සදහාද, 24 වනදා සාරධර්ම ප්‍රවර්ධන හා ආගමික සහජීවන වැඩසටහන් සදහා වෙන්කර ඇතැයිද, 25 වනදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා සම්බුද්ධ දේශනාව අනූව පවත්වන වැඩසටහන් සදහාද වෙන්කර ඇතැයි ප්‍රදීප් යසරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    එමෙන්ම 26 වනදා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සදහා වෙන්කර ඇතැයිද, වෙසක් සතියේ අවසන් දවස වන 27 වනදා භික්ෂූ හා සිල්මාතා පුහුණු වැඩසටහන් සදහා වෙන්කර ඇතැයිද පැවසුවේය.

    වෙසක් සතියට සමගාමීව මැයි 22,23 සහ 24 යන තෙදින දිවයින පුරා සියලුම සත්ත්ව ඝාතනාගාර, සුපිරි වෙළදසැල්හි අලෙවිකුටිද ඇතුලත්ව සියලුම මස් මාංශ වෙළදසැල් වසා තැබීම හා දිවයින පුරා සියලුම සාරාසැල් මත්පැන් අලෙවි කරන ස්ථාන හා සමාජ ශාලා වසාදැමීමටද ඉහත සදහන් කළ චක්‍රෙල්ඛයෙන් අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි අවධාරණය කළේය.

    සියලුම රාජ්‍ය ආයතන වල  අමාත්‍යංශ ලේකම්වරුන්ට , අනෙකුත් ප්‍රධාන ලේකම්වරුන්ට, සියලුම දිසාපතිවරුන්ට, ප්‍රාෙද්ශීය ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට වෙසක් සතිය තුළ රජයේ සියලුම කාර්යාල ව්‍යවස්ථාපිත ආයතන වල ආයතන පරිශ්‍රයන්හි වෙසක් සැමරුම් සදහා බෞද්ධ කොඩි වලින් සැරසීම, විදුලි ආලෝක කිරීම, විදුලි බලය වැඩි අරපිරිමැස්මෙන් භාවිතා කළ හැකි විදුලි බුබුළු භාවිතා කරමින් ආලෝකමත් කිරීම, සීල භාවනා දන්සැල් වැනි වැඩසටහන් ආදී අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරන ලෙස දැනුවත් කර ඇතැයිද පැවසුවේය.

    දිවයින පුරා පැවැත්වෙන වැඩසටහන් වලට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ සම්බුද්ධ තෙමගුළ සැමරීමට අති උත්කර්ෂවත් ලෙස වෙසක් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වන බවද කොළඹ දිස්ත්‍රික්කය පුරා වෙසක් කළාප රැසක් මේ වන විටද සූදානම් කර අවසන් බවද වැඩිදුරටත් සදහන් කළේය.

    වසර ගණනාවකට පසු මෙවර ශ්‍රී ලාංකික ජනතාවට සක්‍රීය වෙසක් උත්සවයක් දැකබලා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද ලේකම්වරයා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya