ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවයට සමගාමීව ත්‍රීරෝද රථ 10,000ක බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කෙරේ

    මැයි 20, 2024

    මෙවර වෙසක් උත්සවයට සමගාමීව පොලිස් දෙපාර්තමේන්තුවේද සහාය ලබාගෙන තුන්රෝදරථ දස දහසක බෞද්ධ කොඩි පැළඳවීමක් සිදුකරන බව කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් ප්‍රකාශ කරයි.

    උන්වහන්සේ මේ බව පැවසුවේ අද (20) කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ දී පැවති මෙවර වෙසක් උත්සවය අර්ථාන්විතව සැමරීම හා වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ සූදානම පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට තුන්රෝද රථ 1000ක් වැඩමවීමට සූදානම් කර ඇතැයිද, ඒ සදහා පොලිස් දෙපාර්තමේන්තුව සහ ධර්මායතනයට සම්බන්ධ අනෙකුත් සංවිධානත් ඒකාබද්ධව කටයුතු සූදානම් කර ඇතැයිද මෙම ප්‍රධාන උත්සවය 22 වනදා උදෑසන 09ට පැවැත්වෙන බවද පැවසුවේය.

    ඇල්ලේ ගුණවංශ නාහිමියන් විසින් ආරම්භ කර පවත්වාගෙන යන වීදි දරුවන් සදහා වන පාසලේ සියලුම ජාතීන්ට අයත් දරුවන් ඉගෙනුම ලබන බවද, සෑම වසරකම මෙන් ඔවුන් මෙවරත් සිල් සමාදන් වන බවද වෙසක් උත්සවයට සමගාමීව ඔවුන් වෙත සිල් රෙදි ප්‍රධානය කිරීමක් සිදුකෙරෙන බවද පැවසුවේය.

    ලෝකයේ චීනය, වියට්නාමය, තායිලන්තය වැනි බෞද්ධ රටවල් කිහිපයක වෙසක් කූඩු ධර්මායතන පරිශ්‍රෙය් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya