ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටළුව විසදීමට රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක්

    මැයි 20, 2024

    බන්ධනාගාර නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව පැහැදිලි කිරීම සදහා දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

    එහිදී  වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

    කොළඹ ඇතුළු බන්ධනාගාර කිහිපයක බන්ධනාගාර නිලධාරීන් අද දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු චුදිතයින් අධිකරණයට ඉදිරිපත් නොකර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. බන්ධනාගාර නිලධාරීන් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බැදී සිටිනවා. අධිකරණ කටයුතුවලට සම්බන්ධවන නිලධාරීන්ට වෘත්තිය ක්‍රියා මාර්ගවලට යොමු වීමේ හැකියාවක් නැහැ. අධිකරණයට වගකීම් ඉටු නොකිරීම පිළිබදව කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගනීවිද යන්න ප්‍රකාශ කරන්න බැහැ. 2013 වසරට පෙර පොලිස් සේවයේ නිලධාරීන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට සම මට්ටමේ ආකාරයෙන් වැටුප් වැඩීව්ම් සිදු කර තිබෙනවා. එහෙත් 2013 වසරේ සිට පොලිස් සේවයේ නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් සිදු කළත් බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් සිදුව නැහැ.  ඒ නිසා වැටුප් විෂමතාවයක් තිබෙනවා. අපි මේ ගැටළුව පිළිබදව අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළා. අවධානය යොමු කළා. බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩීව්ම පිළිබදව 2023 ඔක්තෝම්බර් මස 09 වැනිදා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් අපි ඉදිරිපත් කලා.

    බන්ධනාගාර නිලධාරීන් රුපියල් විසි දහසක දීමනාවක් ඉල්ලා සිටියා. නමුත් අමාත්‍යාංශයේ ලේකම්තුමා බන්ධනාගාර කොමසාරිස්තුමා ඇතුළු සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කළා. රුපියල් විසි දහසේ දීමනාව වෙනුවට රුපියල් පහලොස් දහසක දීමනාවක් ලබාදීමට යෝජනා කලා . ඒ ඒ ශ්‍රේණිවලට අදාළ දීමනා තීරණය කරන තෙක් මෙම දීමනාව ලබාදීමට යෝජනා කලා. නමුත් ඒ අවස්ථාවේ සමස්ත රාජ්‍ය සේවයටම රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට රජය විසින් තීරණය කළා. නමුත් බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනාව වැඩිවීම පිළිබදව අවස්ථා කිහිපයකදි අපි සාකච්ඡා කළා. ඔවුන්ගේ වැටුප් ගැටළුව මුල් කර ගනිමින් ඔවුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.  ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව අපි පිළි ගන්නවා. නමුත් රටේ පවතින ආර්ථක තත්වය පාළිබදව අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා එම ඉල්ලීම් ඉටු කිරීමට රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව අපි අමාත්‍ය මණ්ඩලය, ගරු ජනාධිපතිතුමා, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරනවා. අපි ඔවුන්ගේ ප්‍රශ්නය නොසලකා හැර නැහැ. ඔවුන්ගේ ඉල්ලීම්වලට යුක්තිය හා සාධාරණත්වය  ඉටු කළ යුතු බවට අපි පිළි ගන්නවා. නමුත් අධිකරණ ක්‍රියාවලිය කඩා කප්පල් කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඔවුන් අද දිනයේ සේවයට වාර්තා කර සැකකරුවන් අධිකරණයට ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය කාලයේ බන්ධනාර නිලධාරීන්ගේ අතිකාල දීමනාව සීමා කර තිබුණා. ඒ ගැටළුවට විසදුම් ලබාදීමට කටයුතු කළා. 2013 වසර දක්වා පොලිස් සේවයට සහ බන්ධනාගාර නිලධාරී සේවයට සමාන ලෙස වැටුප් වැඩිවීම් සිදු වුණා. නමුත් 2013 වසරේ සිට පොලිස් සේවයට වැටුප් වැඩීවීම් සිදු කළත්, බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් වුණේ නැහැ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යතුමා සදහන් කළේය.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරුන් ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya