මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ මගීන් 113ම මරුට

    ජූලි 02, 2015

    ඉන්දුනීසියාවේ මේඩන් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට පසුගියදා (ජුනි 30) කඩා වැටුණු හර්කියුලස් සි -130 ප්‍රවාහන ගුවන් යානයේ ගමන් ගත් කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 113දෙනා මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

     

    ප්‍රාදේශීය රූපවාහිනී නාලිකා ප්‍රකාශ කර ඇත්තේ නිවාස දෙකක් හා මෝටර් රථයක් මතට කඩා වැටුණු ගුවන් යානය පුපුරා ගිනි ගෙන ඇති බවයි.

     

    මියගිය අය අතර කාර්ය මණ්ඩලයේ සේවකයන් 12ක් සහ ගුවන් මගීන් 101ක් සිටි බව සඳහන් වේ. මිය ගිය අයගේ මළ සිරුරු 49 ක් දැනට සොයාගත් බව වාර්තා වේ.

     

    ගුවන් යානය අනතුරට ලක්වීමට පෙර එන්ජින් දෝෂයක් නිසා ආපසු හරවා මේඩන් ගුවන් තොටුපොළ වෙත ඒමට උපදෙස් පැතූ බව ප්‍රධාන එයා මාෂල් ඔගස් සුප්‍රියට්නා පවසයි. යානය අනතුරට පත්වි ඇත්තේ ආපසු පැමිණීමට යානය හැරවූ අවස්ථාවේ බව සඳහන් වේ.

     

    මෙම යානය කඩා වැටීමෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි හා දේපල රැසකට අලාභ හානි රැසක් සිදුව ඇත.

     

    ගුවන් යානයේ සුන්බුන් අතර ඇති මළ සිරුරු සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නිලධාරීහු පවසති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya