ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක්

    මැයි 16, 2024

    අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළේ මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ  ( 15) පස්වරුවේ එක්වෙමිනි.

    මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් නීත්‍යානුකූලව අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සිදු කර ඇති අතරපර්චස් 40 ක පමණ එම භූමි ප්‍රමාණය තුළ නීතිඥයින් සදහා කාර්යාල 134 ක් ඉදි කිරීමට නියමිතව තිබේ.

    මහනුවර නීතිඥ සංගමයේ සාමාජිකයින් සදහා මේ වන විටත් කාර්යාල සංකීර්ණයක් පවතින අතරඑහෙත් මේ වන විට නීතීඥ වෘත්තියෙහි යෙදී සිටින නීතිඥයින් සදහා එම කාර්යාල සංඛ්‍යාව සිය වෘත්තිය කටයුතු සාර්ථකව සිදු කිරීමට ප්‍රමාණවත් ‌නොමැත.

    එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

    යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ වැදගත්ම සාධකය වන්නේ නඩු සදහා පැටලී සිටින මහ ජනතාවයි. නීතිඥවරුන් කරනු ලබන්නේ රැකියාවක් නොවෙයි, එය ගෞරවණිය වෘත්තියක් බව සදහන් කළ යුතුයි. කිසියම් කෙනෙක් අධිකරණය සදහා යොමු වන්නේ පවතින ගැටළුවට යන්න වෙන තැනත් නොමැති නිසයි. ඒ නිසාම අධිකරණයට පැමිණෙන සේවාදායකයාගේ අයිතින් අපි අරක්ෂා කර දිය යුතුයි. පසුගිය වසර කාලයේ අපේ රටේ ආර්ථිකය බිද වැටුණා. රට අරාජික වුණා. රට භාර ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. එවැනි තත්වයන් අනාගතයේ ඇති නොවන්න අපි වග බලා ගත යුතුයි. රට අරාජිකව ආර්ථිකය බිද වැටී අස්ථාවර රටක් නිර්මාණය වුණේ නීතියේ ආධිපත්‍යය බිද වැටුණු නිසයි. රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩ නගන්න නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ යුතුමයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya