නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ගුවන් තොටුපෙළේදී තේ සිහිවටනයක්

    මැයි 16, 2024
    මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනා කළේය.
     
    අමාත්‍යවරයා මේ යෝජනාව ඉදිරිපත් කලේ , තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පසුගියදා (13) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී ය.
     
    ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම  සංචාරය නිමවා ආපසු ගුවන් තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේ දී ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතයි .
     
    රජය මෙන්ම පුද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව  මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර සාකච්ඡාවේදී  ඊට පුද්ගලික තේ කර්මාන්තකරුවෝද සිය එකඟත්වය පළ කළහ.
     
    මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පුද්ගලික අංශය  විසින් දැරීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාවට පැමිණෙන  සංචාරකයින්ගෙන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලා මෙන්ම තේ වතු නැරඹීම සඳහා පැමිණෙන අතර   ශ්‍රී ලංකාවේ තේ පානය සඳහා ද විශාල උනන්දුවක් දක්වයි.
     
    මේ නිසා සංචාරකයින් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල  නිලධාරින්ට උපදෙස් දුන්නේය.
     
    මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya